නවලිය Image
ePaper
  • News & Events
  • ඉවුම් පිහුම්
  • සුව පියස
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
Reading: ඔයාව Up කරලා පෙන්වන පාවහන් සහ හෑන්ඩ් බෑග්
Aa
නවලියනවලිය
  • Home
  • සුව පියස
  • ඉවුම් පිහුම්
  • හැඩ වැ​ඩ
  • තරු විසිතුරු
  • Top Stories
  • Photoshoots
  • Movies
  • කතුවැකිය
  • ePaper
හැඩ වැ​ඩ

ඔයාව Up කරලා පෙන්වන පාවහන් සහ හෑන්ඩ් බෑග්

Published May 4, 2026
Image
කාන්තාවකගේ පෙනුම සම්පූර්ණ කරන රහස්‍ය සාධක දෙකක් තිබේ. ඒ පාවහන් සහ අත්බෑග්. නිවැරදි ඇඳුමකට ගැළපෙන පාවහන් යුගලක් සහ අත්බෑගයක් තෝරාගැනීමෙන් ඔබේ පෞරුෂය මෙන්ම ආත්ම විශ්වාසයද නොසිතන අයුරින් ඉස්මතු කරගත හැකිය. විශේෂයෙන් වෘත්තීය ජීවිතයේදී සහ උත්සව අවස්ථාවලදී අපේ පෙනුම තවත් දස දහසක් අතර කැපී පෙනෙන්නට නම් මේවා තෝරාගැනීමේ රහස් ඔබ දැන සිටිය යුතුය.

රාජකාරියට ගැළපෙන ‘ගාම්භීර’ පියවර

ඔබේ වෘත්තීය ගමනට සරල බවත් සුවපහසුවත් එකතු කරගන්නේ කොහොමද? කාර්යාලයේදී මුළු දවසම රැඳී සිටින බැවින් පාවහන් තෝරාගැනීමේදී එහි වර්ණය සහ මෝස්තරය ඔබේ පෞරුෂයට බලපායි. තද දුඹුරු හෝ නියුඩ් වර්ණ ඕනෑම ඇඳුමකට ගළපෙන ගාම්භීර පෙනුමක් ලබාදෙන බව ඔබ දන්නවාද? විශේෂයෙන්ම අඟල් දෙකක පමණ උසක් සහිත ‘කිටන් හීල්ස්’ ඔබේ ඇවිදීමේ විලාසයට අපූර්ව ලාලිත්‍යයක් එක් කරයි.පියවරක් තබන විට දැනෙන සුවපහසුව ඔබේ මුහුණේ සිනහව තවත් දීප්තිමත් කරනු ඇත.

සාරියේ ලාලිත්‍යය රැකගන්නා රහස

සාරියක් ඇන්දත් එහි නියම සුන්දරත්වය මතුවන්නේ ඔබ පලඳින පාවහන් මතයි. බොහෝ දෙනෙක් කරන වැරැද්දක් වන්නේ සාරියට ‘ෆ්ලැට්’ සෙරෙප්පු පැලඳීමයි. එමඟින් සාරියේ ලාලිත්‍යය ගිලිහී යාමට ඉඩ තිබේ. ඒ වෙනුවට විවෘත පාවහන් (Open shoes) තෝරාගැනීම වඩාත් උචිතය. තවත් රහසක් වන්නේ සාරිය අඳින්නට පෙර පාවහන් පලඳින්න. එවිට සාරිය අනවශ්‍ය ලෙස කොට වීම හෝ පොළොවේ ඇදීම වළක්වා නියම උස පවත්වා ගැනීමට ඔබට හැකි වේ.

සිරුරේ හැඩයට ගැළපෙන හීල්ස් මොනවාද?

සාදයකට යන විට ‘හීල්ස්‘ පැලඳීම අනිවාර්ය වුවත් ඔබේ සිරුරේ හැඩයට එය ගැළපෙනවාද යන්න සැකයක්ද? තරමක් මහත සිරුරක් හිමි අයෙකු පෙන්සිල් හීල්ස් පැලඳීමෙන් අපහසුතාවයට මෙන්ම අනතුරුවලටත් මුහුණ දීමට ඉඩ තිබේ. එවැනි අයට වඩාත් ගැළපෙන්නේ ස්ථාවර ‘බොක්ස් හීල’ එකකි. ඇඳුම අධික ලෙස වැඩ දැමූ එකක් නම් පාවහන් සරලව තබාගන්න. ඔබේ පෙනුමේ සමබරතාවය රඳා පවතින්නේ ඔබ තෝරාගන්නා මේ සියුම් ගැළපීම් මතයි.

අත්බෑගය පිරිසිදුව තබන අපූර්ව උපක්‍රම

අත්බෑග් තෝරාගැනීමේදී කළු, තද කොළ හෝ නියුඩ් වර්ණ තෝරාගැනීමෙන් අනවශ්‍ය වියදම් මඟහරවා ගනිමින් ඕනෑම අවස්ථාවකට ගැළපෙන ලෙස හැඩවීමට ඔබට පුළුවන. එමෙන්ම ඔබේ පාවහන්වල ඇතිවන දුර්ගන්ධය මඟහරවා ගන්නට නිවසේ ඇති බේබි පවුඩර් හෝ බේකින් සෝඩා ස්වල්පයක් උදව් කරගත හැකියි. පිරිසිදු බව සහ ආත්ම විශ්වාසය ඕනෑම විලාසිතාවක සැබෑ රහසයි. මේ පුංචි රහස් ටික පිළිපැද්දොත් ඔබ යන ඕනෑම තැනක ඔබ කැපී පෙනෙනු නොඅනුමානයි.

අන්තර්ජාතික සහතික ලත්
පෞරුෂත්ව සංවර්ධන
ප්‍රවීණ උපදේශිකා
Faith Landers

චතු වීරසිංහ ✍️

Image
Share This Article
Facebook Whatsapp Whatsapp Telegram Email Copy Link
What do you think?
Love0
Sad0
Happy0
Sleepy0
Angry0
Leave a comment

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Ad imageAd image

You Might Also Like

Image

​Makeup Brush හැම එකටම හැම Brush එකම ගැළපෙන්නේ නෑ.

July 20, 2026
Image

තද රස්නෙ තිබ්බත් ඔයාව කැපිලා පේන්න ඇඳුම් අඳින්න පුළුවන්

July 6, 2026
Image

Sleeping Beauty කියන්නේම ඇත්ත ඔයා සුවෙන් නිදන්න.

June 22, 2026
Image

අඩුපාඩු වහන කන්සීලර් හරියට Apply කරන්න.

June 15, 2026
logo2.png

දේශීය පුවත්පත් කලාවේ වසර 40 කට වඩා අත්දැකීම් ඇති අපේ රටේ කාන්තාවන්ගේ පමණක් නොව පවුලේ සියලු සමාජිකයන්ගෙ බුද්ධියට කතා කරන විනෝදාශ්වාදය ලබා දෙන මුද්‍රිත සහ online යන මාධ්‍ය දෙකෙන්ම නිකුත් වන පුවත්පතකි.

More About Us
Image

Contact Us

Editorial

  • +94 112 331 688
  • [email protected]

For Advertising

  • +94 777 489 091
  • +94 714 543 001
  • [email protected]

For Inquiries

  • +94 112 497 500

Our Publications

Image
Image
Image
Image
Image
Image

Upali Newspaper (Private) Limited © 2026 All Right Reserved.
Designed and Developed by MOOVE

Facebook Instagram Youtube
Image
Welcome Back!

Sign in to your account

Lost your password?